Dharadesana Pinkama Slider
ධර්ම දේශණා පිංකම්

A Dharma Deshana Pinkam is usually held as a blessing.

previous arrow
next arrow
Dharadesana Pinkama mobile Slider
ධර්ම දේශණා පිංකම්

A Dharma Deshana Pinkam is usually held as a blessing.

previous arrow
next arrow

පිංකම්

ධර්ම දේශණා පිංකම්

ධර්ම දේශණාවක් සාමාන්‍යයෙන් ආශිර්වාදාත්මක පිංකමක් ලෙස පවත්වනු ලැබේ. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදී හෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශණා පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, මරණාසන්න අවස්ථාවකදී සිත් පහන් කිරීම සඳහා ද, අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද ධර්ම දේශණා පවත්වනු ලැබේ.

දානමය පිංකම්

දානයක් සාමාන්‍යයෙන් ආශීර්වාදයක් හෝ පිං පැමිණවීමක් ලෙස පවත්වනු ලබයි. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදීහෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම විශේෂ අවස්ථාවක මෙම දානමය පිංකම් පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, අපල කාල වලදී හෝ අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද දානමය පිංකම් පවත්වනු ලැබේ.

පිරිත් පිංකම්

සාමාන්‍යයෙන් පිරිතක් පවත්වන්නේ ඕනෑම අවස්ථාවක් සඳහා ආශීර්වාදයක් වශයෙනි. එය රෝග සහ බිය තුරන් කිරීමටත් ජය සතුට සැනසුම ලඟා කර ගැනීමටත් මෙම මහානුභාවසම්පන්න පිරිත් සජ්ඣයනාවන් සිදු කරනු ලැබේ. පිරිත පැයක් හෝ මුළු රාත්‍රිය පුරාම ආදී ලෙස පැවැත්විය හැකිය. මෙම සේවාව ලබාගත හැක්කේ පැයක කාලයක් සඳහා පමණි. පිරිත් දේශණාව පවත්වන අවස්ථාවේ බාහිර ශබ්ද අවම වන නිසංසල වටපිටාවක් සහිතව බණ ඇසීමට සුදුසු වන පරිදි සුදානම් වී ඔබේ නිවෙස්වල හෝ කාර්යාලයේ සිටිය යුතුය.

Your Story

අප ගැන

DSI සැම්සන් සමුහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම පවුලට අයත් සමුහ ව්‍යාපාරයකි. එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය, සාරධර්ම සහ සම්ප්‍රධායන් තුළ ගැඹුරින් මුල් බැසගත් ශ්‍රී ලාංකික බෞද්ධ සමාගමකි. ලොව පුරා වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් අතර බෞද්ධ සංස්කෘතිය බෙදාහැරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත වෙසෙන සියලු දෙනාට තම නිවසේ හෝ සේවා ස්ථානයේ සිටම ධර්ම දේශණාවක්, දානයක් හෝ පිරිත් පිංකමක් සඳහා සහභාගී වීමට අවස්ථාව අපි ලබා දෙන්නෙමු.

වන්දනා යනු DSI සමුහ ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන සේවාවක් වන අතර එහි තාක්ෂණික සේවා සමගම වන ඩී ටෙක් ආයතනය හරහා බෙදාහරිනු ලබයි. මෙම සේවාව හරහා සියලුම බෞද්ධ ප්‍රජාවට තම සම්ප්‍රධායික බෞද්ධ පිංකම් ලංකික විහාරස්ථාන සමග සම්බන්ධ වී සිදුකර ගැනීමට අප අවස්ථාව සලසා දෙන්නෙමු. මෙම සම්පුර්ණ ක්‍රියාවලිය අර්ථවත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් අප විසින් ලබා දෙන්නෙමු.

ඔබට කැමති ඕනෑම වර්ගයක පුණ්‍යකර්මයක් වෙන්කරවාගෙන ඔබට අවශ්‍යපරිදි කටයුතු සංවිධානය කරවාගත හැකිය. අපගේ උපදේශක මණ්ඩලය ඔබට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ඇත.

si_LKSinhala
Scroll to Top