පිංකම්

දානමය පිංකම්

දානයක් සාමාන්‍යයෙන් ආශීර්වාදයක් හෝ පිං පැමිණවීමක් ලෙස පවත්වනු ලබයි. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදීහෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම විශේෂ අවස්ථාවක මෙම දානමය පිංකම් පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, අපල කාල වලදී හෝ අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද දානමය පිංකම් පවත්වනු ලැබේ.

මෙය ස්වාමීන්වහන්සේලාට ආහාර පිරිනැමීමක් මගින් සිදුවන බැවින් මේ සඳහා පැය කිහිපයක් ගතවිය හැකිය. මේ සඳහා ඔබට කැමති ආහාර වේලක් තෝරාගත හැකිය. - හීල් දානය - දහවල් දානය

මෙහිදී බාහිර ශබ්ද අවම වන නිසංසල වටපිටාවක් සහිතව දානය සඳහා සුදුසු වන පරිදි සුදානම් වී ඔබේ නිවෙස්වල හෝ කාර්යාලයේ සිටිය යුතුය. එවිට ඔබට සන්සුන් සිතින් මේ සඳහා සහභාගී විය හැකි අතර පැන් වැඩීම සඳහා අවශ්‍යවන භාජන ඔබ සුදානම් කරගෙන තබාගත යුතුය.

දානය සඳහා ස්වාමීන්වහන්සේට ආරාධනා කර බුදුරජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පුජාකිරීමත් සමග දානයේ කටයුතු ආරම්භ කරනු ලැබේ. මෙහිදී පිරිත් සජ්ඣායනය සහ ධර්ම දේශනාවෙන් පසු පැන් වැඩීම සිදු කරන අතර සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ජලය පිටාරගලන තෙක් භාජනයට සෙමෙන් ජලය වත්කිරීම සිදු කරනු ලබයි. මෙමගින් රැස්වෙන්නා වූ කුසල් ඇඟවීම සිදු වේ.

දේශණාව අවසානයේ ස්වාමීන්වහන්සේලාට ආහාර පිළිගැන්වීම සිදුකරනු ලබයි. එය පාන වර්ග, ප්‍රධාන ආහාර වේලක් පළතුරු සහ පැණිරස වලින් සමන්විත වේ.

ස්වාමීන්වහන්සේලා දානය වැළඳීමෙන් අනතුරුව පූජා කරන ලද දානය නිමිති කරගෙන පිං පැමිණවීම සිදු කෙරේ.

පිංකම අවසානයේදී ස්වාමීන්වහන්සේට පිරිකර පූජා කිරීම සිදුකරන අතර ඔබගේ කැමැත්ත අනුව එය සිදුකර ගත හැකිය.

si_LKSinhala
Scroll to Top