පිංකම්

ධර්ම දේශණා පිංකම්

ධර්ම දේශණාවක් සාමාන්‍යයෙන් ආශිර්වාදාත්මක පිංකමක් ලෙස පවත්වනු ලැබේ. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදී හෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශණා පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, මරණාසන්න අවස්ථාවකදී සිත් පහන් කිරීම සඳහා ද, අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද ධර්ම දේශණා පවත්වනු ලැබේ.

මෙය සාමාන්‍යයෙන් බෞද්ධ ස්වාමීන්වහන්සේනමක් විසින් පුරා පැයක් පවත්වනු ලබන අතර එම ධර්ම දේශණාව සඳහා ශ්‍රාවක අවශ්‍යතාවය මත ස්වාමීන්වහන්සේනමක් හෝ පිරිසක් සහභාගී කරවාගත හැක.

ධර්ම දේශණය පවත්වන අවස්ථාවේ බාහිර ශබ්ද අවම වන නිසංසල වටපිටාවක් සහිතව බණ ඇසීමට සුදුසු වන පරිදි සුදානම් වී ඔබේ නිවෙස්වල හෝ කාර්යාලයේ සිටිය යුතුය. ස්වාමීන්වහන්සේට ධර්ම දේශණාව සඳහා ආරාධනා කිරීමත් සමගම පිංකම් කටයුතු ආරම්භ වේ. ස්වාමීන්වහන්සේට ගිලන්පස පූජා කිරීම මෙහිදී සිදුකෙරේ.

බුදුරජාණන්වහන්සේට මල්, පහන් සහ සුවඳ දුම් පූජා කිරීමද සිදු කරනු ලැබේ.

ධර්ම දේශණාව අවසානයේදී ස්වාමීන්වහන්සේට පිරිකර පූජා කිරීම සිදුකරන අතර ඔබගේ කැමැත්ත අනුව එය සිදුකර ගත හැකිය.

si_LKSinhala
Scroll to Top