පිංකම්

අප ශ්‍රී ලංකාවේ සිට පහත සේවාවන් ඔබ වෙත ලබා දෙන්නෙමු. ඔබට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබ සිටිනා ස්ථානයේ සිටම පිංකම සඳහා සහභාගී විය හැක. සම්පුර්ණ පුණ්‍යකර්මයේ සියලුම අවස්ථාවල ඡායාරූප සහා පටිගත කල වීඩියෝපටය පිංකම අවසානයේ ලබාගත හැකිය. පිංකම සඳහා අවශ්‍ය සියලුම වත්පිළිවෙත් පිලිබඳ තොරතුරු විසින් ලබාදෙනු ලැබේ.

ධර්ම දේශණා පිංකම්

ධර්ම දේශණාවක් සාමාන්‍යයෙන් ආශිර්වාදාත්මක පිංකමක් ලෙස පවත්වනු ලැබේ. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදී හෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශණා පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, මරණාසන්න අවස්ථාවකදී සිත් පහන් කිරීම සඳහා ද, අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද ධර්ම දේශණා පවත්වනු ලැබේ.

දානමය පිංකම්

දානයක් සාමාන්‍යයෙන් ආශීර්වාදයක් හෝ පිං පැමිණවීමක් ලෙස පවත්වනු ලබයි. පළමු උපන්දිනයේදී, අකුරු කියවන අවස්ථාවේදී, විවාහ සංවත්සර සැමරීමට, දරු පිළිසිදගැනීමකදී, ජන්ම දින සැමරුම් සඳහා, කාර්යාල සමාරම්භක අවස්ථාවන්හිදීහෝ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍යවන ඕනෑම විශේෂ අවස්ථාවක මෙම දානමය පිංකම් පැවැත්විය හැකිය. යම් පුද්ගලයකුගේ අසනීප තත්වයකදී, අපල කාල වලදී හෝ අභාවප්‍රාප්ත වූ අයකුට පිං පැමිණවීම සඳහා ද දානමය පිංකම් පවත්වනු ලැබේ.

පිරිත් පිංකම්

සාමාන්‍යයෙන් පිරිතක් පවත්වන්නේ ඕනෑම අවස්ථාවක් සඳහා ආශීර්වාදයක් වශයෙනි. එය රෝග සහ බිය තුරන් කිරීමටත් ජය සතුට සැනසුම ලඟා කර ගැනීමටත් මෙම මහානුභාවසම්පන්න පිරිත් සජ්ඣයනාවන් සිදු කරනු ලැබේ. පිරිත පැයක් හෝ මුළු රාත්‍රිය පුරාම ආදී ලෙස පැවැත්විය හැකිය. මෙම සේවාව ලබාගත හැක්කේ පැයක කාලයක් සඳහා පමණි.

si_LKSinhala
Scroll to Top