පිංකම්

පිරිත් පිංකම්

සාමාන්‍යයෙන් පිරිතක් පවත්වන්නේ ඕනෑම අවස්ථාවක් සඳහා ආශීර්වාදයක් වශයෙනි. එය රෝග සහ බිය තුරන් කිරීමටත් ජය සතුට සැනසුම ලඟා කර ගැනීමටත් මෙම මහානුභාවසම්පන්න පිරිත් සජ්ඣයනාවන් සිදු කරනු ලැබේ.

පිරිත පැයක් හෝ මුළු රාත්‍රිය පුරාම ආදී ලෙස පැවැත්විය හැකිය.

මෙම සේවාව ලබාගත හැක්කේ පැයක කාලයක් සඳහා පමණි.

පිරිත් දේශණාව පවත්වන අවස්ථාවේ බාහිර ශබ්ද අවම වන නිසංසල වටපිටාවක් සහිතව බණ ඇසීමට සුදුසු වන පරිදි සුදානම් වී ඔබේ නිවෙස්වල හෝ කාර්යාලයේ සිටිය යුතුය. ස්වාමීන්වහන්සේට පිරිත් දේශණාව සඳහා ආරාධනා කිරීමත් සමගම පිරිත් සජ්ඣායනය ආරම්භ වේ. ස්වාමීන්වහන්සේට ගිලන්පස සහ දැහැත් පූජා කිරීම මෙහිදී සිදුකෙරේ.

බුදුරජාණන්වහන්සේට මල්, පහන් සහ සුවඳ දුම් පූජා කිරීමද සිදු කරනු ලැබේ.

ධර්ම දේශණාව අවසානයේදී ස්වාමීන්වහන්සේට පිරිකර පූජා කිරීම සිදුකරන අතර ඔබගේ කැමැත්ත අනුව එය සිදුකර ගත හැකිය.

si_LKSinhala
Scroll to Top